ලේ විලක් වුණ මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සියල්ල එළිවෙයි - දින තුන හතරකට කළින්ම මෙහෙම දෙයක් සිදු වෙන්න නියමිතයි කියලා බුද්ධි තොරතුරු ලැබිලා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සඳහන් කළා.
ඒ මෙම සිද්ධියට අඳාළව අද (07) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්. එසේම එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ මෙම සිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් වී සිටියද නිසි කළමනාකරණයක් හෝ තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් ය.
එමෙන්ම ඔහු රටේ වර්තමානයේ පවතින නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව ප්‍රකාශ කළ අතර මීට පෙර ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කළ බවද පැවසුවා.
ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි - බන්ධනාගාරයේ 40ක් මැරුණ කතාවේ ඇත්ත නැත්ත නලින්ද එළි කරයි
හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවයි.
" මීගමුව බන්ධනාගාරේ මේක එක පාරටම සිද්ධ වුණ දෙයක් නෙවෙයි. අපිට ආරංචිය තියෙනවා බුද්ධි තොරතුරු අනුව මේක දින තුන හතරකට කළින් මෙහෙම දෙයක් සිදු වෙන්න නියමිතයි කියලා බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා. එතකොට මේ බුද්ධි තොරතුරු පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ අර ගත්තේ නෑ. ඒ විතරක් නෙවෙයි 5 වෙනිදා ජීවිත දෙකක් අහිමි වුණා. ජීවිත දෙකක් අහිමි වෙලා විසි ගණනක් තුවාල වෙලා මේ ප්‍රශ්නේ ආරම්භ වුණේ ඊට දවසකට කළින්.. එතකොට බුද්ධි තොරතුරුත් අනුව දැනුවත්වීම් සිදු වුණාට එය නිසි ලෙස කලමනාකරණය කරන්න කටයුතු කරලා නෑ.."
අනේ මගේ රත්තරන් පුතා කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ.. මට ඒක අමුත්තක් වගේ දැනුණා - රටම හඬවමින් බන්ධනාගාර ගැටුමින් දිවි පිදූ වීරයන් ගැන ඇහෙන කඳුළු කතා