ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඇණවුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්
පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන් සඳහා ජපානයේ නව රැකියා ලබාදීමේ අරමුණෙන් මෙම සතියේ දී නව ගිවිසුකමට එළඹෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය. අවුරුද්දකුත් මාස 09ක් වැනි කෙටි කාලයක් තුළ වත්මන් ආණ්ඩුව නව රැකියා අවස්ථා හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන්, උපාධිදාරීන් යවන්න අපි මේ සතියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා, ජපානයට ශ්‍රී ලංකාවෙන් උපාධිදාරීන් යවන්න” යැයි අමාතවරයා සඳහන් කළේය.
ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි
එමෙන්ම ජපානයේ ට්‍රක් වාහන රියදුරු රැකියාව සඳහා ද රැකියා අවස්ථා 1000ක් මේ වන විට ජපානයෙන් හිමිව ඇති අතර ඒ සඳශ සුදුසුකම් පවතිනා අයවළුන් සඳහා ඉල්ලුම් කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
”හෙට වුණත් ජපානයට ට්‍රැක් ඩ්‍රයිවර්ලා 1000ක් යවන්න පුළුවන්. එකම සුදුසුකම ඔවුන් ඉල්ලනවා ජපානයේ භාෂා පිළිබද තියෙන විභාගය JLPT Level 04 එක, ඒ වගේම JFT පාස්වෙලා තියෙනවා නම්, ජපාන භාෂාව යම් මට්ටමකට කතා කරන්න පුළුවන් කියන ඒ පරීක්ෂණය සමත් වෙලා තියෙනවා නම්, දැනටත් ඒ ගිවිසුම අනුව රැකියා 1000ක අවස්ථාවක් තියෙනවා. අපේ රටේ එහෙම සුදුසුකම් තියෙන අය ඉන්නවා නම් අපි ආරාධනා කරනවා හෙටම ඇණවුම් කරන්න” යැයි අමාත්‍යවරයා පැවසුවේය.