"මැදපෙරදිග විලාසිතා රැජන" බලන්නකෝ සෞදි කුමරියගේ හැඩ - (PHOTOS)

By Sewvandhi Jan 09, 2025 04:54 PM GMT
Report

ඇය ඩීනා... ඇය හරිම ලස්සන සුන්දර කාන්තාවක්... ඇයව සෞදි අරාබියට විශේෂයි... ඒ ගැනයි මේ කියන්න හදන්නේ.

සෞදි අරාබියේ කාන්තාවන් ඩීනාට කියන්නේ මැදපෙරදිග විලාසිතා රැජන කියලා.... සෞදි අරාබියේ විසිඑක් වැනි සියවසේ කුමරිය ලෙසත් ඇය ඇතමුන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටිනව.

කවුරු කෙසේ ආමන්ත්‍රණය කළත් ඩීනා යනු අරාබියම හොල්ලන මෝස්තර කුමරියක්.... රියාද් නුවර සහ දෝහා කටාර් හි D’NA නමින් ඇගේම විලාසිතා ප්‍රදර්ශනාගාර දෙකක් පවත්වාගෙන යන ඩීනා කුමරිය ලොව පුරා පැවැත්වෙන විවිධ බටහිර විලාසිතා සති අතර මේ වෙද්දී නැතුවම බැරි මෝස්තර නිර්මාණ ශිල්පිනියක්...

ඔබ මේවා ගැන නම් හිතලවත් නැතුව ඇති..ඔබත් ඔබේ මිතරන් ගැන දැනගත යුතුම දේ මෙන්න..

ඔබ මේවා ගැන නම් හිතලවත් නැතුව ඇති..ඔබත් ඔබේ මිතරන් ගැන දැනගත යුතුම දේ මෙන්න..

1975දී ඩීනා උපන්නේ කැලිෆෝනියාවේදීය... ඒ නිසා බටහිර ලෝකය කොහොමත් ඇයට විවර වෙලා තිබුණේ... ඇගේ පියා සෞදි අරාබියේ හිටපු සන්නිවේදන ඇමැතිවරයෙක් වුණා.... විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයකු වූ ඇගේ පියා අමෙරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සේවය කළ නිසා ළමා වියේ සිටම ඩීනාගේ ජීවිතයත් වරින් වර අමෙරිකාවේ සහ සෞදියේ ගෙවී ගියා....

ඇගේ ජිවිතේ ගෙවුණේ එහෙමයි.... හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ 1998දී විතර.... ඩීනාට සෞදි අරාබියේ කාන්තාවන්ගේ අවධානය සහ පිරිමින්ගේ ඇල්ම බැල්ම වැටෙන්න වුණේ ඒ කාලේදි..... හැමෝම ඇය ගැන හොයන්න වුණේ ඊට පස්සේ... ඇය සෞදි රජ පවුලේ ලේළියක් බවට පත්වීම නිසා.

ඇය රියාද් නුවර ආණ්ඩුකාරයා ලෙස කලක් රාජකාරි කළ සෞදි රජ පවුලේ සාමාජිකයකු වන අබ්දුලාසිස් බින් නසීර්ගේ කුමරුගේ බිරිඳ... දැන් ඩීනාට අවුරුදු 48ක්... ඇයට දරුවෝ ඉන්නවා... ඒත් ඇයට එහෙම වයසක් පෙන්නේවත් නැහැ...

ඩීනා දකින ඕනෑම කෙනකු ඇය බටහිර කාන්තාවක් ලෙස සිතන තරමට ඇගේ බාහිර පෙනුම වෙනස්.... කොටට කැපු හිසකෙස් ඇගේ කැමතිම කොන්ඩ විලාසිතාවක්... ඒ වගේම තමයි ඇගේ ඇඳුම් ආයිත්තම්... පුදුම තරම් අපුරු නවීන මෝස්තරයේ ඒවා...

බලන්නකෝ මේ පින්තූර එකතුව ... ඔබටම වැටහේවී... (උපුටාගැනීමක්)

…………………………………………………………………

You may like this video 👇



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery