ලංකාවාසී සියලුදෙනා වෙනුවෙන් අගමැතිනියගේ රාමසාන් දින පණිවුඩය​

Report

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ, අප රටේ පවතින විවිධත්වය අපට ශක්තියක් වන අතර, රාමසාන්  උත්සවයෙන් ලබා දෙන සහෝදරත්වය සහ සහජීවනයේ පණිවුඩය, ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ධජයක් යටතේ නැගී සිටීමට අපව දිරිමත් කරන බවයි.

රාමසාන් දිනය වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයේ, ඇය පෙන්වා දෙන්නේ රාමසාන් සමය හුදෙක් ආහාර පානවලින් වැළකී සිටීම පමණක් නොව, ඉවසීම, කැපකිරීම සහ අනුන්ගේ දුක හඳුනාගැනීම වැනි උතුම් මානුෂීය ගුණාංග ජීවිතයට සමීප කරගන්නා කාලයක් බවයි.

සුබ ආරංචියක් තෙල් සඳහා පැනවූ නීති රීති දින 30කට ඉවතට

සුබ ආරංචියක් තෙල් සඳහා පැනවූ නීති රීති දින 30කට ඉවතට

ආගමික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරමින්, ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය මත රටේ තිරසාර සාමය සහ සමෘද්ධිය රඳා පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

විශේෂයෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය වාතාවරණය හමුවේ, ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු සමස්ත ජනතාව මුහුණ දී සිටින අතිශය දුෂ්කර හා වේදනාකාරී තත්ත්වය පිළිබඳ දැඩි සංවේගයක් පළ කරන බවද අග්‍රාමාත්‍යවරයාගේ රාමසාන් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

රාමසාන් දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පණිවිඩය

රාමසාන් දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පණිවිඩය