"..අගමැති නිවසට පහර දීම අරගලයේ වැඩක් නෙවෙයි - වෙනත් දේශපාලන අරමුණක්.." ප්‍රබලයෙකුගෙන් හෙළිදරව්වක්..!

Report

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (10) පැවසීය.

එක්සත් ජාතික පක්ෂය යනු මුල සිටම සාමකාමී අරගලයට සහයෝගය ලබා දුන් පක්ෂයක් බව කී විජයවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිළිස්සීමට සෙනඟ ගෙන එන්නැයි එක් දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධියේ පවසා තිබෙන බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ගිනිබත් වූ නිවස අසලට අද පෙරවරුවේ පැමිණි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසූයේ අරගලය ගැන සිතන විට මුළු ලංකාවෙිම අයට ආඩම්බරයක් දැනුන නමුත් පෞද්ගලික ගෙවල්වලට ඇවිත් ඒවා පුච්චන විට ඒවා සාධාරණ කරන්නට නොහැකි බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now