නීතියට කොකා පෙන්නපු බැසිල් රාජපක්ෂට මේ පාර වැඩ වරදී - දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දැඩි නියෝගයක්

Report

බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව අද (18) දින නැවත කැඳවීය.

ඒ අනුව එම නඩුව අයථා ලෙස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදාගනිමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා තිබුණා.

එමෙන්ම විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියා.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නඩුවේ තුන්වන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා, ඔහු තැන්පත් කර ඇති ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර සිටි අතර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ පුද්ගලයන් තිදෙනෙකුට දඩ මුදල් නියම කර තිබෙනවා.

එසේම එම දඩ මුදල් නොගෙවන්නේ නම් බන්ධනාගාරගත කිරීමටද නියෝග කර ඇත. තවද බැසිල් රාජපක්ෂ මහතාට නිකුත් කර ඇති වරෙන්තුව ලබන ඔක්තෝබර් 27 වන දින තෙක් දීර්ඝ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව