යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම පිළිබඳව සියලුම ගොවීන්ට විශේෂ දැනුම්දීමක්

Report

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති හරහා ප්‍රමිතියෙන් යුතු වී තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් විකිණීම තහවුරු කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

පලෙයි කැලයේ LTTE කඳවුරක් ඇති බවට පළවන වාර්තා පිළිබඳව පලවෙන වාර්තා ගැන රජයෙන් ප්‍රකාශක්

පලෙයි කැලයේ LTTE කඳවුරක් ඇති බවට පළවන වාර්තා පිළිබඳව පලවෙන වාර්තා ගැන රජයෙන් ප්‍රකාශක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහාය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති කාර්යාලයේ සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහා වී මෙට්‍රික් ටොන් 25 ක උපරිම දෛනික කෙටුම් ධාරිතාවක් සහිත ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ එම ධාරිතාවයෙන් යුතු වී මෝලක් හිමි සමූපකාර සමිති සුදුසුකම් ලබයි.

නීතියට කොකා පෙන්නපු බැසිල් රාජපක්ෂට මේ පාර වැඩ වරදී - දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දැඩි නියෝගයක්

නීතියට කොකා පෙන්නපු බැසිල් රාජපක්ෂට මේ පාර වැඩ වරදී - දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා දැඩි නියෝගයක්

සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමූපකාර සමිතිවලට රුපියල් මිලියන 25 ක උපරිමයකට යටත්ව පොලී රහිත සහනදායී මූල්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.

අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති විසින් රජයේ සහතික මිලට මිලදී ගත යුතුය.

ඒ අනුව, රතු හා සුදු නාඩු ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත්, සම්බා ප්‍රමිතිගත වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් ගොවීන්ගෙන් මිලදී ගත යුතු වේ. අරමුදල් ලබා ගන්නා දින සිට උපරිම වශයෙන් දින 240 ක කාල පරිච්ඡේදයක් තුළ මිලදී ගත් වී වෙළෙඳපොළ තුළ අලෙවි කර ලබාගත් මුළු මුදල අදාළ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති විසින් පියවිය යුතු අතර, ඒ සඳහා කිසිදු පොලියක්, කොමිස් මුදලක් හෝ වෙනත් ගාස්තුවක් අය කරනු නොලැබේ.

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ මෙම වැඩසටහන පසුගිය 12 වනදා සිට ආරම්භ කර ඇති බැවින්, සුදුසුකම් සපුරා ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී මෙම කටයුතු ආරම්භ කළ හැකි බව මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.