ගාමන්ට් රස්සාව ගැන බයෙන් හිටපු අයට විදේශ ඇමතිගෙන් සුබ ආරංචියක් - 44%ක අධික තීරුබද්දත් ලිහිල් වෙයි

Report

​ඇමරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා අපනයන මත පැනවීමට තීරණය කළ 44%ක අධික තීරුබද්ද සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් 10% දක්වා පහත හෙළීමටත්, ඒ ඔස්සේ දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 3,50,000කට වැඩි ප්‍රමාණයක් සුරක්ෂිත කිරීමටත් රජය සමත් වූ බව විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ අනුව විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මුලින් 44%ක් ලෙස පැනවූ මෙම තීරුබද්ද සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව 20% දක්වා අඩු කරගත් බවයි.

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - මේ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට එයි.. සූදානම් වන්නැයි දන්වයි

පසුව ඇමරිකානු 1974 වෙළඳ පනත යටතේ බලපෑ 12.5%ක අමතර බද්දෙන් නිදහස් වීම ට බලහත්කාරී ශ්‍රමය භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කළ අතර, එම පියවර හේතුවෙන් අවසානයේ තීරුබද්ද 10%ක අවම මට්ටමේ පවත්වා ගැනීමට හැකි වූ බව ඔහු පැවසුවා.

එම ජයග්‍රහණය ජනාධිපතිතුමාගේ උපදෙස් මත විදේශ, මුදල්, වෙළඳ අමාත්‍යාංශ, මහ බැංකුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදුකළ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව පැවසූ අමාත්‍යවරයා, ඇමරිකාව සමඟ වන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ සාකච්ඡා 95%කට වඩා අවසන් කර ඇති බවත්, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය නැවත ලබාගැනීමට විශේෂ කමිටුවක් ඔස්සේ කටයුතු යොදා ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්