කාලා හමාරයි?. ඇස් උඩ යන්නම උඩ ගිය දෙහියි ඉඟුරුයි.. ගාණ ඇහුවොත් පුදුම හිතෙයි..
මේ වන විට වෙළෙඳපොළෙහි දෙහි සහ ඉඟුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, ඉඟුරු කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟුරු කිලෝග්‍රෑමයක් රුපියල් 3,300ක් ලෙස සටහන් වූ අතර එය නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සටහන් වූයේ රුපියල් 3,900ක් ලෙසයි.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.
මේ අතර, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ඊයේ (17) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.
ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ය.