රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?
අශෝක රන්වල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජ ජාලවල යම් මතයක් ගොඩනැගෙමින් තිබෙන බවට වාර්තා වේ.
එසේම මෙම මතය වැඩිපුරම ගොඩනගමින් ඇත්තේ වත්මන් ආණ්ඩුවට ගොඩනැගීමට දායක වූ පිරිස්වලින් වීම ද විශේෂත්වයක් ගෙන ඇත.
එසේ වුවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් රන්වල මහතා වෙනුවෙන් පෙනී සිටින අතර ඔහු ඉවත් විය යුතු බවට අදහස් පළ නොකරන බව ද වාර්තා වේ.
එමෙන්ම රන්වල මහතාද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති වුවද ඇතිව තිබෙන තත්ත්වය මත ඔහු දැඩි පීඩනයකින් සිටින බවද සමීප ආරංචි මාර්ග පවසයි.
මින් පෙරද ඔහු කථානායක ධූරය දරන විට සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත කථානායක ධූරයෙන් ඉල්ලා අස්විය.
එබැවින් මෙවර රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු එම ධූරයෙන්ද ඉල්ලා අස් වන බවට මෙසේ ඇතැම් මත පළ වන්නේ ඔහු කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී වසරකට පසුවයි.