ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක

Report

ජපන් රජයේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයකට එක්වීමට සැලසුම් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසන පරිදි, මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිතය.

එසේම, ජනාධිපතිවරයා ජපන් අග්‍රාමාත්‍යවරයා සමඟ රැස්වීමකට එක්වන අතර, එහිදී දෙරටටම වැදගත් වන තේමා රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින්, ටෝකියෝහි ප්‍රමුඛ ජපන් ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සමුළුවකදී ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමට ද නියමිතය.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයට ජපන් රජයේ ආරාධිතයකු ලෙස ජනාධිපතිවරයා සහභාගී වන අතර, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ආර්ථික හැකියාවන් සහ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීම අරමුණු වේ.

මීට අමතරව, මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ඇමතීමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිත බවද වාර්තා වේ.

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

ලිට්රෝ ට අපල කාලයක් - ලාෆ්ස් පර්යන්තයට බලපෑම්, විනිවිදභාවයට බලපෑමක්?

හිටපු ආණ්ඩුකාර මහීපාලගේ නෝනගේ වැව් රක්ෂිතේ හදලා තියෙන හෝටලේ මාසයක් යන්න කළින් කඩන්න නියෝග

හිටපු ආණ්ඩුකාර මහීපාලගේ නෝනගේ වැව් රක්ෂිතේ හදලා තියෙන හෝටලේ මාසයක් යන්න කළින් කඩන්න නියෝග