හිටපු ආණ්ඩුකාර මහීපාලගේ නෝනගේ වැව් රක්ෂිතේ හදලා තියෙන හෝටලේ මාසයක් යන්න කළින් කඩන්න නියෝග

Report

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා තම බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්වස් හැටක භූමි භාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් ඇතුළත කඩා ඉවත් කර ගන්නා මෙන් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කොට පවතී.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

එබැවින් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන මහතා සඳහන් කර ඇත්තේ පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී වැව් රක්ෂිතය තුළම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරීම සඳහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීමේ හේතුවෙන් එය තඩා ඉවත්කර ගන්නා ලෙසට දැනුම් දුන් බව‍යි.

එසේම මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇති බව වාර්තා වේ.

තවද පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකොට තිබෙන බව මායිම් සලකුණු කිරිමේදි හදුනාගත් බවත් ඒවා පිළිබඳව කමිටුවට කරුණු ඉදිරිපත් කොට අනතුරුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා සඳහන් කළා.

එමෙන්ම හිටපු ආණ්ඩුකාර බිරිද මසක් තුළ මෙම අනවසර ඉදිකිරිම් ඉවත්කර නොගන්නේ නම් එම ඉදිකිරිම් රජය මගින් ඉවත්කරන බවද මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අනුරාධපුර නුවර වැවේ වැව් රක්ෂිත අලුතින් සීමා කිරීම නිසා අවට පදිංචිකරුවන් හා කර්මාන්තකරුවන් බරපතළ අර්බුද රැසක පැටලී ඇති බව කියයි.

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

වත්කම් බැරකම් නොදුන් ලොක්කෝ සෙට් එකගෙම නම් ලිස්ට් එකක් කොමිසමෙන් එළියට

වත්කම් බැරකම් නොදුන් ලොක්කෝ සෙට් එකගෙම නම් ලිස්ට් එකක් කොමිසමෙන් එළියට