ජනාධිපති ලේකම් අස්වෙයි!!.. නව ලේකම් ගාමිණී සෙනරත්.

Mahinda Rajapakshe Gotabaya Rajapakshe P. B jayasundara Gamini Senarath
By Aruna Dec 27, 2021 07:26 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට නියමිත අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් වාර්තා කරයි.

එකී ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරන පරිදි නව ජනාධිපති ලේකම්වරයා ලෙස දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් පත්වෙනු ඇත.

පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය.

විශේෂයෙන්ම අරුණ දේශපාලන කොලමේ සදහන් කළ පරිදි අමාත්‍ය චමල් රාජපක්ෂගේ දැඩි විවේචනයක පී.බී. ලක්විය.

ජනාධිපතිවරයා ඉරිදිපිටදීම චමල් පවසා ඇත්තේ පී.බී.ගේ උපදෙස් මත ක්‍රියාකිරීම නිසා ජනාධිපතිවරයා සහ රට බරපතල අගාදයකට ගොස් ඇති බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංශ එවකට පී.බී. ජයසුන්දර හදුන්වාදෙනු ලැබූයේ ආර්ථික ඝාතකයෙකු ලෙසය.

මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් එවක පී.බී. ජයසුන්දරට ප්‍රසිද්ධියේම චෝදනා කළේය.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now