ජනපති ලේකම්ගෙන් හදිසියේම විශේෂ නියෝගයක්..!

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Aug 15, 2022 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතුවලදී ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධිකරණ කටයුතුවලදී සෘජුව අධිකරණ ක්ෂේත්‍රය සමග ලිපි ගනුදෙනු නොකළ යුතු බව දැනුම් දී ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් සඳහා එම නියමය බලපැවැත් වේ. එම නිලධාරින් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 27 වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතුය. ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග ලිපි ගනුදෙනුකරන්නේ නම් එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු වේ.

අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළව එදිනෙදා සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ නිලධාරීන් සමග සිදුකරනු ලබන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් හා අධිකරණ නිලධාරීන් සම්න්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් එම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බව ද ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now