ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ.

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා සිදු කර තිබේ.

ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්නේ, 06 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධන යටතේ යාවත්කාලීන කිරීම සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවය.

එමෙන්ම, ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක් යටතේ මෙම කටයුතු සිදුකළ යුතු බවද ඔවුන් යෝජනා කළහ.

ජනාධිපතිවරයා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවද, සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදුකළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

අස්වැසුම ගැන සුභ ආරංචියක් - නිර්ණායක වෙනස් වෙයි

ඔහු ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට ආරාධනා කළේය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා, 06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ආරම්භය 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලෙන් නොව, රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

ඇමති ලාල් වනචාරීයා කීවට මිහින්තලේ හිමි සී.අයි.ඩීයට

ඇමති ලාල් වනචාරීයා කීවට මිහින්තලේ හිමි සී.අයි.ඩීයට

මෙම හමුවේ, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර, විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්‍ෂ ඇතුළු ගුරු වෘත්තීය සමිති රැසක් නියෝජනය කළහ. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.