ජනපති පක්ෂ නායකයින් සමග විශේෂ හමුවක් අද - එම විශේෂ හමුවේ හේතුව මෙන්න..

Report

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද(29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අද පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා යම් එකඟතාවන්ට එළඹීම පිළිබඳව සහ ඒ සඳහා යෝජනා විමසීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කෙසේවුවද පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක නියෝජිතයින් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපතිවරයා සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join