ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්..ඇමරිකාවෙනුත් දුරකථන ඇමතුමක්.
මේ අතර මේ මස නිව්යෝර්ක් හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ දුරකතන සංවාදයක නිරත වී තිබෙනවා.
නායකයින් දෙදෙනා අතර මාස 07 කට පසු ව සිදු වූ ප්‍රථම දුරකතන සංවාදය මෙයයි.
ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති බයිඩ්න්, චීන ජනාධිපතිවරයා සමඟ අමෙරිකාවේ අභිලාෂයන් ආවරණය කරන පුළුල් ක්‍රමෝපාය සාකච්ඡාවක නිරත වූ බවයි.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර, තරගකාරීත්වය අරගලයක් බවට පත් නො විය යුතු යැ යි මෙහි දී දෙදෙනා අවධාරණය කළ බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.
වෙළඳ කටයුතු, බුද්ධිමය දේපල හිමිකම් සහ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පසුගිය කාලය තුළ සබඳතා පළුදු වී තිබුණා.
කෙසේ නමුත්, සබඳතා සමනය කිරීම සඳහා මේ වසර මුල දී දෙපාර්ශවය අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ද පැවැත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
