මැල්කම් කාදිනල් රංජිත් හිමි ගැන ජනපති අනුර කතා කරයි

Report

පිරිහී යන සමාජයක මනුෂ්‍යත්වය හා ආධ්‍යාත්මික ගුණාංග නැවත ජීවගන්වන උදාහරණාත්මක චරිතයක් ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සැලකිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඊයේ පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ කාදිනල් හිමියන්ගේ පූජක වෘත්තියට වසර 50ක් සපිරීම සැමරුමක් ලෙසයි.

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, කාදිනල් රංජිත් හිමියන් සමාජය යහපත් කිරීම සඳහා විශාල ව්‍යායාමයක නිරත වන රාජ්‍යතාන්ත්‍රිකයකු, උගතුන්ටත් මැවිය හැකි විධියට බයිබලය විවරණය කළ හැකි ධර්ම විචාරකයකු, සමාජය උතුම් කරවන කථිකයකු සහ සැබෑ මානව හිතවාදියෙකු ලෙස කටයුතු කරන බවයි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයේ බලපෑම් වලට යටත්වීමට ඉඩ නොදෙමින් වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, එය රජය තුළින්ම විභාගයට ලක් කළ යුතු අභියෝගයකි බවත් ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කළේය.