සති 03ක සමීක්ෂණයකින් දිනන ජනාධිපති අපේක්ෂකයෙක් ගැන හෙළිදරව්වක්..54%ක් ගන්නවලු.
ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.
රාජ්‍ය විශ්ව විද්‍යාලයක මැදිහත්වීමෙන් මෙම සමීක්ෂණය පසුගිය සති තුනක කාලයේදී සිදු කරන ලද බවයි හෙතෙම ප්‍රකාශ කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කන්තලේ නගරයේදී පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.