අයවැයෙන් වෙන් කළ මුදල් නිදහස් කිරීම ප්‍රමාදයි - තියෙන සල්ලිවලින් වහාම ගම්වල වැඩ ආරම්භ කරන්නලු..
නිෂ්පාදන ආර්ථිකය පුනර්ජනනය කරමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව දායක වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟයි.
2024 අයවැය ප්‍රතිපාදනවලදී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රමුඛත්වය දී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වෙන් කළ මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදයන් හා අකාර්යක්ෂමතාව ගැන ජනාධිපතිවරයා නිලධාරීන්ට අවධාරණය කළේය.
පසුගිය වසරවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය නොවීමෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දුන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙවර අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කළ ප්‍රතිපාදන නියමිත කාලය තුළ වැය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී, දිස්ත්‍රික්කවල සංවර්ධන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින්, විෂය භාර අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය ලබා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, නියෝජිතයන්, සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වූහ.
