ජනපති අනුර, ඉන්දියාවේ ගියා විතරයි.. ඉන්දියාවෙන් ලංකාවට දුන්න සතුටු හිතෙන.. සුබ ආරංචිය මෙන්න..(PHOTOS)

Anura Kumara Dissanayaka Narendra Modi India Latest Headlines AKD
By krishani Dec 16, 2024 04:21 PM GMT
krishani

krishani

Report

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

බෙංගාල බොක්ක තාමත් එහෙමයි?.. අද රෑ වෙන්න යන දෙය මෙන්න.. මේ පැතිවල අය වැඩි අවධානයෙන් ඉන්න..

බෙංගාල බොක්ක තාමත් එහෙමයි?.. අද රෑ වෙන්න යන දෙය මෙන්න.. මේ පැතිවල අය වැඩි අවධානයෙන් ඉන්න..

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන්ම, එම සාකච්ඡාව දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවතියේ ය.

එම සාකච්ඡාවේ දී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණ.

ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

You May Like This Video👇 

.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha