ඔස්මන් ඝාතනය කරේ කෙහෙල්බද්දර පත්මේ

Law and Order Murder Sinhala news
By Mithu Apr 21, 2025 04:30 PM GMT
Mithu

Mithu

Report

 අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කර තිබී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

ඒ, ලැබුණු බුද්ධි තොරතුරක් මත ගම්පහ වතුමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවේදී අත්අඩංගුවට ගත් සැකකටයුතු අට දෙනකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ගම්පහ ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" නමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානමින් සිටි අට දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් අප්‍රෙල් 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අවි ආයුධ සහ වාහන කිහිපයක්ද සමඟින්ය. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඉන් කිහිපදෙනෙකු පොදු සමා කාලය යටතේ යුද හමුදාවෙන් ඉවත් වී ඇති අතර තවත් අයෙක් යුද හමුදාවෙන් පලාගොස් සිට ඇති බවය. ගණේමුල්ලේ සංජීව ඝාතනය මෙහෙය වූ එස්.එෆ්.සලින්ත තමන්ව මෙහෙයවූ බවත්, කෙහෙල්බද්දර පද්මේගේ අවශ්‍යතාව මත ඔස්මන් ඝාතනයට සූදානම් වූ බවත් සැකකරුවන් පවසා තිබේ. ඔවුන්ට උපදෙස් දී තිබී ඇත්තේ ගම්පහ ඔස්මන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අලුත් අවුරුදු උත්සවයකදී ඔහුව ඝාතනය කරන ලෙසටය. "

සිරි දළදා වන්දනාව සිව්වැනි දිනටත් අවසන්

සිරි දළදා වන්දනාව සිව්වැනි දිනටත් අවසන්

ටී 56 දෙකෙන් දෙපැත්තෙන් ගහපන්. කී දෙනෙක් මරුණත් කමක් නෑ. ඔස්මන් මරන්න ඕනේ. "යනුවෙන් තමන්ට කෙහෙල්බද්දර පද්මේ උපදෙස් ලබාදුන් බවද සැකකරුවන් පවසා තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී විජේතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් විමර්ශන සිදුකරයි.

ReeCha