සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!
කොළඹදී පැවති ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගයීමේ උත්සවයක ආරක්ෂාව සඳහා යැයි පවසමින් පොලිස් යතුරුපැදි හතරක් සහ පොලිස් මෝටර් රථයක් ලබාගෙන, එය තම පුද්ගලික ප්‍රවර්ධනයට යොදාගත් බවට ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.
පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. මෙම උත්සවය පසුගිය 17 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර, දරුවන් හා දෙමාපියන් ඇතුළු 3000ක පමණ පිරිසක් සහභාගී වී ඇත.
ගුරුවරිය සිය රථයට පෙරටුවෙන් පොලිස් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් සහිත පරිවාරක රථ පෙලක් යෙදවූ ආකාරය සමාජ මාධ්‍යවල ද විකාශය වී තිබුණි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ අධීක්ෂණය යටතේ, මෙම පරිවාරක රථ යෙදවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ට එරෙහිව ද විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.
පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු පවසන පරිදි, පුද්ගලික ආකර්ශනය වැඩි කිරීමේ අරමුණින් පොලිස් වාහන මෙලෙස යෙදවීම නීතිවිරෝධී ය.
ගුරුවරිය විසින් උත්සවයේ ආරක්ෂාවට යැයි පවසා මුදල් ගෙවා පොලිස් නිලධාරීන් හා වාහන ලබාගෙන, එය තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනැගීමට යොදාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙවැනි ක්‍රියාවන් පොලිස් සංගීත සංදර්ශන හෝ චිත්‍රපට වැනි අවස්ථාවන්ට යෙදිය හැකි වුවත්, මෙම ගුරුවරියගේ ක්‍රියාව නීතිවිරෝධී බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
