සිරි දළදා වන්දනාව සිව්වැනි දිනටත් අවසන්
By Mithu
සිව් වැනි දිනටත් අද (21) ඇරඹි දළදා ප්‍රදර්ශනය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
ඒ අනුව අද දිනයේදී දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් 130,000ක් දළදා වන්දනා කර තිබේ.
විශාල ජනතාවක් වැල නොකැඩී ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන නිසා ඔවුන් වෙනුවෙන් සුවිශේෂි සේවාවන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
රජය ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර සියලුම දෙනාට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීම ඔවුන්ගේ අරමුණ වේ.