කෝට්ටේ මහ නගර සභාවේ 5කට වාරණ

Supreme Court of Sri Lanka Law and Order Sinhala news
By Mithu Apr 21, 2025 05:26 PM GMT
Mithu

Mithu

Report

 අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කෝට්ටේ අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ උත්සව හා සැණකෙළි පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුළු පස් දෙනකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (21 වැනිදා) නිකුත් කළේය.

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, එහි නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර, මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරු, අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණය භාරව සිටින සිව් පිරිසකට අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව මගින් පාලනය වන අංගම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ විවිධ උත්සවයන් සහ සැණකෙළි පැවැත්වීම තුළින් මහජන පීඩාවක් සිදුවන බව චෝදනා කරමින්, කෝට්ටේ අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ෂෙහාන් දුෂාන්ත ද සිල්වා, ශාමිනි අල්විස්, ග්ලේන් මැතිව්, අසංක සංජීව කරුණාරත්න, කේ. ඒ. ඕ. එස්. කුරුප්පු යන අය විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙයි

ReeCha