ජර්මනී ආරාධනයට පිළිගනිමින් – ජනාධිපති අනුර අද ජර්මනියට

Report

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනාවකට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ අනුව, ජනාධිපතිවරයා අද (10) පස්වරුවේ මෙරටින් පිටත්ව යාමට සැලසුම් කර ඇත.

චිකුන්ගුන්යා ද? - ඇඟපත වේදනාවට වේදනා නාශක ගත්තොත් ප්‍රතිඵලය දරුණුයි

චිකුන්ගුන්යා ද? - ඇඟපත වේදනාවට වේදනා නාශක ගත්තොත් ප්‍රතිඵලය දරුණුයි

මෙම සංචාරය තුළදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන්, ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එහිදී, වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන, සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු රජයේ ප්‍රමුඛතා මත පදනම්ව, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා නව මාර්ග ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

පොලිස් OICව රෝහලට යවූ පහර – බේරුවල අළුයම උණුසුම් වෙයි

පොලිස් OICව රෝහලට යවූ පහර – බේරුවල අළුයම උණුසුම් වෙයි

ජනාධිපතිවරයා ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ඇත. එම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය, සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ හැකියාවන් පිළිබඳව අවධාරණය කෙරෙනු ඇත.

එසේම, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් සමඟ ද හමුවීමට නියමිතය. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වනු ඇත.

වෙස්ට් ඉන්ඩීස්ගේ තරුණ සටන්කාමී පන්දුකරුවා ජාත්‍යන්තර ක්‍රීඩා නතර කෙරේ

වෙස්ට් ඉන්ඩීස්ගේ තරුණ සටන්කාමී පන්දුකරුවා ජාත්‍යන්තර ක්‍රීඩා නතර කෙරේ