අමෙරිකානු සංචාරය අවසන් කළ ජනපති විජිත එක්ක ජපානයට
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම වෙනුවෙන් සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (25) දින රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් බව සඳහන්.
ඒ අනුව ජනාධිපතිවරයා හෙට එනම් සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ඒ ජපන් රජයේ ආරාධනයකට අනුව බව සඳහන්.
එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වී සිටී.