රටේ රාජ්‍ය ආයතන පහක තිත්ත ඇත්තක් එළියට - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් හෙළිදරව්වක්

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසන්නේ අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බවයි.

පාසල් දරුවන්ට ලැප්ටොප් පරිගණක හා අන්තර්ජාලය පහසුකම්

පාසල් දරුවන්ට ලැප්ටොප් පරිගණක හා අන්තර්ජාලය පහසුකම්

ඊයේ දින (25) කොළඹදී ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබූ අතර, ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහ සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේ මෙය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් ඉද්දවල මහතා,

"2024 වර්ෂයේදී අපි ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු ආයතන 10ක් විතර මම කියන්නම්. නොම්බර එක පොලීසිය, දෙක දේශපාලනය, තුන රේගුව. ඒ වගේම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, පාසල් හා අමාත්‍යාංශ. ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාල යනාදිය මහජනතාවගේ මතය.

සිසු හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන මෙන්න

සිසු හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන මෙන්න

කෙසේ වෙතත් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5ක් අපි හඳුනාගෙන තිබුණා. එක රේගුව, දෙවැනි ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආයතන දෙපාර්තමේන්තුව. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. ආගමන හ විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාල. ඒ වගේම තවත් ආයතන තියෙනවා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. මේ වගේ ආයතන තුළින් දූෂණයට වඩා, දූෂණය සිදුකරනවා. ඒවා තුළින් දූෂණය කරන පුද්ගලයින්ට තෝතැන්නක් හදලා දෙනවා, මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩහස ලබාදෙනවා. එතකොට මම අර කියපු සමීක්ෂණයේදී දූෂිත සංස්කෘතියක් සඳහා ඉවහල්වන කරුණු ලෙස මහජනතාව දැක්වූයේ මෙන්න මේ කාරණා.

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

ඒක තමයි නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම. දූෂිත සංස්කෘතියක් රට තුළ ජනිත වීම. ඒ වගේම අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම. එතනදී අපට කියන්න බැහැ එයා කැමැත්තෙන් ඉල්ලුවා, මම කැමැත්තෙන් දුන්නා. ඒක හින්දා මේක, අල්ලසක් හෝ දූෂණයක් නෙවෙයි කියලා" යනුවෙන් පැවසීය.

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න