අද රාත්‍රීයේ ජාතිය අමතා ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.
රටේ පවතින ආර්ථික තත්ත්වය සහ රට වසා දැමීමේ තීරණය පිළිබඳව රජයේ ස්ථාවරත්වය සඳහන් කරන බවයි වාර්තා වෙන්නේ.
එනම් අද දින covid-19 වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ තීරණාත්මක රැස්වීමේදී අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය 30 වන දා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
මීට පෙර ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශයක් කර තිබුණි. එනම් එතුමා සඳහන් කර තිබුණේ , ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබේ.
රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු – අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශව රැසක් ඉල්ලීම් කර තිබුනු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
