නොසිතූ ලෙස මෙරට covid අවදානම ඉහළට..රතු කලාපයක් ලෙස නම් කෙරේ..

COVID19 VACCINATION INFECTION RED ZONE MANILKA SUMANATHILAKA
By Sewvandhi Sep 04, 2021 05:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට පවතින කොවිඩ්-19 රෝග ව්‍යාප්ත ප්‍රතිශතය සහ රෝගීන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කර අතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අවධාරණය කරයි.

එය කොළ කලාපයක් බවට පත් කර ගැනීමට නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් ගණන 950කට පමණ අඩුවිය යුතු බවත්, එම වෙනස දකින්නට නම් තව සතියක පමණ කාලයක් අවශ්‍ය වන බවත් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සඳහන් කළේය

එමෙන්ම,ඊයේ (සැප්. 3) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3,644 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් රෝගීන් 61,429 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව 380,166 කි. මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 451,401කි.

මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 202ක් ඊයේ (සැප්. 3) වාර්තා විය. වයස අවුරුදු 30ට අඩු මරණ 5ක්, වයස අවුරුදු 30 - 60 අතර පුද්ගලයින් 42ක් මෙන් ම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි පුද්ගලයින් 155 දෙනෙක් මිය ගිය පිරිස අතර වෙති. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 9,806ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම,කොරෝනා ආසාදිතව තවත් වෛද්‍යවරයෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා. කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු කොරෝනා වයිරසය ආසාදිතවිමෙන් පසුව අංගොඩ කොරෝනා ප්‍රථිකාර ඒකකයේ දින 10 කට ආසන්න කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW