පාන්පිටි ආනයනය හදිසියේම නතර කරයි...

Sri Lanka India
By Aruna Aug 31, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව පාන්පිටි ආනයනය නතර කර ඇත.

එම නිසා ඉන්දියාව සතු පාන්පිටි සංචිතය ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගෙන යාමට එරට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව පාන්පිටි ආනයනය කළේ ඉන්දියාවෙනි.

කඩිනමින් ඉන්දියාවෙන් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාවද පැවැති බව ආනයනකරුවන් පවසති.

මේ වන විට තුර්කියෙන් පමණක් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාව ඇත.

එහෙත් ඇණවුම භාර දී මාස දෙකක පමණ කාලයක් පාන්පිටි ලැබීමට ගත වන බවද ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු සහ පාන්පිටි ආනයනකරුවන් අතර පෙරේදා (29 වැනිදා) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now