කොවිව් හේතුවෙන් දරුවාට ජීවිතය දී මාස 8ක ගැබිනි මව මිය ගිය සංවේදි සිදුවීම (PHOTOS)
Covid 19
Pregnant mother
By Sithumi
ගම්පහ ප්‍රදේශයේ පදිංචි මාස අටක ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 හේතුවෙන් මිය ගියාය. සදුනිකා අලවත්ත නම් ගැබිනි කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
පසුව, ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු ඇගේ මාස අටැති බිළිඳා සෞඛ්‍ය සම්පන්නව උපත ලැබීය. කෙසේ වෙතත් මවගේ බරපතල තත්ත්වය හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මිය ගියාය.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 31 කි. කෙසේ වෙතත්, බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |













