තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් වැලඳී මරුට

covid19 isolated quarantine kalubowila pregnant women
By Sewvandhi Jun 02, 2021 02:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මියගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඇය කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7වැනි ගර්භණි කාන්තාව වේ. ඇය ඊයේ (01) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ අතර ගැබිනි කාන්තාවන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට සැලසුම් කර තිබේ. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ඔවුන්ට ලබාදීමට නියමිත බවයි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ගර්භනී කාන්තාවන් 07 දෙනෙකු මියගොස් ඇති බව ද ඇය කීවාය. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ...

“දැනට අපි චක්‍රලේඛය සකස් කරමින් සිටිනවා එන්නත්කරණය ගර්භණී මව්වරුන්ට ආරම්භ කිරීමට.අපි සැලසුම් කරලා තියෙන්නේ, සංකූලතාවයන් තියෙන මව්වරුන්ට තමයි අපි ප්‍රමුඛතාවයක් දීලා එන්නත් කටයුතු කරන්නේ. දැනට මාතෘ මරණ 7ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් ආසාදනය හේතුවෙන්. ඊයේ තමයි අවසන් මරණය සිදුවුණේ කළුබෝවිල රෝහලේ දී“.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now