මාස 7 ක ගැබිනියකගේ සිරුර කොටස් 25කට වෙන් කරලා. - දෙවියනේ ඒක කරලා තියෙන්නේ කවුද කියලා බලන්නකෝ.
මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන් කර ඇති බව පාකිස්තාන පොලිසිය පවසනවා.
පාකිස්තානයේ දස්කා නගරයේ කොට්ලි මාර්ලන් ගම්මානයේ විසූ 26 හැවිරිදි සෙහෙරා කදීර් නම් ගැබිණි කාන්තාවක් මෙලෙස ඝාතනය වී ඇති අතර ඇයට අවුරුදු දෙක හමාරක පුතෙකුද සිට ඇති බවත් සඳහන්.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)
ඝාතනය කිරීමෙන් පසු සැකකරුවන් සෙහෙරාගේ සිරුර කොටස් 25 කට කපා එම කොටස් බෑග්වලට දමා ඇළකට විසිකර ඇති බවත් සිරුර හඳුනා ගත නොහැකි වීමට හිස කඳින් වෙන්කර ඇති බවත් පාකිස්තාන පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම පුද්ගලික ආරවුලක් මත සැකකරුවන් මෙම ඝාතනය කර ඇති බවට විශ්වාස කළ හැකි බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති බවත් පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් වරද පිළිගත්තත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් එහිදී මෙම ඝාතනය සම්බන්ධ වැඩිදුර තොරතුරු හෙළිකර ගත හැකි බවත් පාකිස්තාන පොලිසිය පවසනවා.