ඇමති දුවගේ නැති වූ මුද්ද සොයා දැවැන්ත මෙහෙයුම.

By Sithumi Aug 15, 2022 12:49 PM GMT
Sithumi

Sithumi

Report

යාල වනෝද්‍යානයේ චාරිකාවකට එක්ව සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණියගේ නැති වූ මගුල් මුද්ද සොයා කිරින්ද පොලිසිය සිදුකළ දැවැන්ත මෙහෙයුමක් පිළිබඳ තොරතුරක් වාර්තා වනවා.

අදාළ ඇමති දියණිය දිය නානා අවස්ථාවේ දී ඇයගේ මගුල් මුද්ද ගලවා, නාන කාමරයේ උස් බිත්තියක් මත තබා ඇති අතර එය නැවත පැළඳ ගැනීමට ඇයට අමතකව ඇති බවයි වාර්තා වන්නේ. එහෙත් ඇය විසින් අස්ථාන ගත වූ මගුල් මුද්ද සොයා ඇතත් ඇය ස්නානය කළ නාන කාමරයේ එම මුද්ද තිබී නැහැ.

ඇය විසින් එම මුද්ද සොයාගත නොහැකි වූ තැන, සැනෙන් එය කිරින්ද පොලිසියට වාර්තා කිරීමට කටයුතු කර තිබුණා. අනතුරුව සුළු වෙලාවකින් පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු ඇය ලැගුම්ගෙන සිටි හෝටලයට පැමිණ පැමිණිල්ල සටහන් කරගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෝටල් කළමණාකාරීත්වය සහ කාමරය භාර තරුණයා මුද්ද නො ගත් බව ප්‍රකාශ කර තිබූ අතර එදින හෝටලයේ වෙනත් අමුත්තන් නවාතැන් ගෙන ද නැත. කෙසේ නමුත් අදාළ මුද්ද අස්ථානගත වූ අවස්ථාවේ දී හෝටලයේ නඩත්තු කටයුත්තක නිරත වෙමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙක් සිටි බවත්, ඔවුන් සිය නිවෙස් කරා යාමට සූදානම් ව සිට තෙබෙනවා.

පොලීසියට ඇති වූ සැකය නිසාවෙන් අවසානයේදී ඔවුන් කැඳවා ප්‍රශ්න කර ඇති අතර එක් පෙදරේරුවෙක් පවසා ඇත්තේ දිළිසෙන යමක් බිත්තිය උඩ තිබෙනු දැක තමා එය අරගත් බවයි. කෙසේ නමුත් අවසානයේ දී අමාත්‍යවරයාගේ දියණියට අස්ථානගත වූ තම මගුල් මුද්ද හමු වී ඇති අතර එම මුද්දේ වටිනාකම රුපියල් ලක්ෂ විසි පහක් බවයි වාර්තා වන්නේ.