එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ අද වසා දැමේ

By Dilasha Mar 21, 2025 08:14 AM GMT
Report


එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ වන හීත්‍රෝ ගුවන්තොටුපළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළ මෙලෙස වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ.

දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කරනු ලබන එක්සත් රාජධානියේ විශාලතම ගුවන්තොටුපොළ හීත්‍රෝ වේ.

මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බවත්, එමෙන්ම ගින්නෙන් ඇති වූ විදුලිය ඇනහිටීමෙන් නිවාස 16,300කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසින්ධි වී ඇති බවත් ලන්ඩන් ගිනි නිවන ඒ්කකය ප්‍රකාශ කරයි. 

ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක ඇති ෆයිල් අතරින් මැකීමට අවශ්‍ය ෆයිල් පමණක් නැවත කිසිවෙකුට රිකවර් කර ගැනීමට නොහැකි ලෙස මකන්නේ කොහොමද?

ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක ඇති ෆයිල් අතරින් මැකීමට අවශ්‍ය ෆයිල් පමණක් නැවත කිසිවෙකුට රිකවර් කර ගැනීමට නොහැකි ලෙස මකන්නේ කොහොමද?

පොල්දූව වටරවුම අසල උණුසුම් තත්ත්වයක්

පොල්දූව වටරවුම අසල උණුසුම් තත්ත්වයක්