විදුලි කප්පාදුව යලිත් වෙනස් කෙරේ - එක් එක් ප්‍රදේශ වලට විදුලි කප්පාදුව සිදුවන වෙලාව මෙන්න

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Aug 15, 2022 10:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

තවද M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වී තිබේ.

එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

තවද මේ වනවිට ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරන බැවින් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණයද ජාතික පද්ධතියට අහිමි වී ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසයි. එමනිසා මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක ප්‍රමාණයක් අහිමි වී ඇත


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now