රටම කළුවරේද ? විදුලි කප්පාදුවක් ගැන කතාවක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසන ආකාරයට මාර්තු මාසය වන විට මෙරට තුළ විදුලි කප්පාදුවක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවයි. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ගෙන්වීම අඛණ්ඩව සිදු වුවහොත් මෙම තත්ත්වය වැළැක්විය නොහැකි වනු ඇති බවත් මෑතකදී දිවයිනට ළඟා වූ ගල්අඟුරු නෞකා තුන අතුරින් පළමු නෞකාවේ අඩංගු වූ ගල්අඟුරු බාල මට්ටමක පවතින බවත් ඔහු පවසා ඇත.

ගැහැණු දරුවන් ගැන භයානක හෙළිදරව්වක් - වාර්තාව එළියට

ගැහැණු දරුවන් ගැන භයානක හෙළිදරව්වක් - වාර්තාව එළියට

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (29 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසුවේ අනෙක් නෞකා දෙකෙහි අඩංගු ගල්අඟුරු සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරවල විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස අඩුවන බවත්ය.

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

එම අඩුව පිරවීම සඳහා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් ඉහළ මිලකට විදුලිය මිලදී ගැනීමට රජයට සිදුවන බවත් පවතින මෙම අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරියේදී යළිත් විදුලි කප්පාදුවක් කරා රට තල්ලු වීමේ බරපතළ අවදානමක් පවතින බවත් මන්ත්‍රීවරයා පවසයි.

ගිනි ගණන් වෙන එළවළු මිල - ඉස්සරහට මිනිස්සු කන්නේ මොනවද

ගිනි ගණන් වෙන එළවළු මිල - ඉස්සරහට මිනිස්සු කන්නේ මොනවද