අද විදුලි ක්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna May 29, 2022 01:21 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට, අඛණ්ඩව විදුලිය ලබාදීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම පිළිබදව බලශක්ති අමාත්‍යවරයා විසින් මේ වන විටත් කටයුතු කරමින් පවතී.

විශේෂයෙන් හෙට සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් විදුලි අර්බුධය ඉදිරියේදී තවදුරටත් පහව යනු ඇති.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාවක් සිදු නොකරන බව පසුගියදා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව ජුනි 01 වන දා දක්වා විදුලි කප්පාදු කාලසටහන අනුව රාත‍්‍රි කාලයේ විදුලි කප්පාදුව අත්හිටුවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery