ඉදිරියේදි විදුලිය සම්බන්ධයෙන් ඇතිවෙන ගැටලුව..

srilanka Covid 19
By Sithumi Mar 22, 2022 11:10 AM GMT
Sithumi

Sithumi

Report

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් පහළ මට්ටමක පවතී. ඒ මේ වනවිට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙනි. මෙම තත්ත්වය මත ජලවිදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.41 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19 වනතෙක් පමණි. අදාළ ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 15.7ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 16.5% කි.

මේ අතර මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 12.84 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණි. ඒ අනුව මාඋස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 87.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 30.9%කි.

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 23.24 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 23.24ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 16.3% කි.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සඳහා මහවැලියට අයත් ප්‍රධාන ජලාශවල මේ වනවිට පවතින ජලමට්ටම් මෙසේ වෙයි. කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.10 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 31.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 22.1%කි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මීටර් 24.72 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 152.6 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 34.5කි. රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 8.48 දක්වා මේ වනවිට පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ මීටර් 23 දක්වා පමණි. ඒ අනුව රන්දෙණිගල ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 60.5 ක් වන අතර එය සමස්ත විදුලිය ධාරිතාවයෙන් 56.3 කි.

මෙම මහවැලි ජලාශවලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් විදුලි බලය ජනනය කිරීම සඳහා ජලය මුදා හැරීමද සීමා කළයුතුව ඇත. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join Now