විදුලි ගාස්තු වැඩි වීම කර්මාන්ත වලට බලපාන හැටි.. සම්පූර්ණ විස්තරයක්.

Sri Lanka Sri Lanka Electricity Prices
By Sithumi Dec 31, 2022 03:48 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.  

, ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතනවල ද පළමු ඒකක 30 සඳහා ඒකකයකට රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර ඇත.  

එමෙන්ම ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය යටතේ රුපියල් 20ක් එක ඒකකයකට අය කළ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වන අතර ඒකක 121ත් 180ත් අතර රුපියල් 30ක්ව පැවති එක ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා වැඩි කර ඇති අතර ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කිරීමට යෝජනා වී තිබෙනවා තවද ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට ඒකක 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කිරීමට නියමිතව තිබේ.  

ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයට අය කළ රුපියල් 450ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වාත් වැඩි කිරීමට යෝජිත වන අතර කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයටකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩිකර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි.

  ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබේ.  

පළමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වාත්, ඒකක 300ට වැඩි ‍සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1,600 දක්වා පමණක් වන අතර පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්,

ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකකයක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කිරීම‍ට යෝජනා වී තිබන්වා පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,000 දක්වාත්,

ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත තවද දැනට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 29යි ශත 14 ක් වැය වන අතර එම ගාස්තුවද රුපියල් 48 යි ශත 42 දක්වා ඉහළ දැමීමට නියමිත බව වැඩිදුරටත් සදහන්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now