අද සහ හෙට විදුලිය කපන වෙලාවන් මෙන්න...විශේෂ දැනුම් දීමක්.

Power cut Electric Bord
By Aruna Dec 07, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

අද සහ හෙට (08) පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා දෛනිකව පැයක විදුලි කප්පාදුවක් පනවන බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කළේය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙකක බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, 2 වන ජනන යන්ත්‍රය තවමත් සම්පූර්ණයෙන් සවි කර නොමැති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට තවත් දින 2 ක් ගතවනු ඇතැයි ඔහු පැවසීය.

ඒ හේතුවෙන් අද සහ හෙට විදුලිය විසන්ධි වන බවයි සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විශාල බිඳවැටීමක් හේතුවෙන් සිකුරාදා (03) දිවයින පුරා පැය කිහිපයක විදුලිය ඇනහිටීමට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now