වෙළඳපොළේ ශීඝ්‍රයෙන් ඉහළ යන කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන්.
වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිළකට පැවති කුකුලු මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිළකට එක්වරම වැඩිවී ඇතැයි ඔව්හු සඳහන් කරති.
මෙයට සමගාමීව වෙලඳපොළේ මාලු මිළ ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 කටත්, බලයා කිලෝව රුපියල් 1400 කටත්, පරා කිලෝව රුපියල් 1700 කටත්, තලපත් කිලෝව රුපියල් 2700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1500 කටත් අලෙවි වන බවත් වාර්තා වෙනවා.
මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2800ත් 3200ත් අතර මිළකටත්, බලයා කිලෝව රුපියල් 2000 කටත්, පරා කිලෝව රුපියල් 2400 කටත්, තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1950 කටත් අලෙවි වන බව සඳහන්.
මේ අතර බිත්තර සඳහා රජය පාළන මිළක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙලද පොලේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අළෙවි වන බවත් පාරිභෝගිකයෝ මැසිවිලි නගනවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |