හෙට පැවැත්වෙන උසස්පෙළ විභාගය ගැන දැනුම් දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12 ) සිට මේ මස 20 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
පෙර කාල සටහනේ පැවති විභාග කටයුතු සිදු කරන වේලාවන් සංශෝධිත නව කාලසටහන තුළ ද නොවෙනස්ව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
තවද විභාග දෙපාර්තුමේන්තුව සදහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි සිසුන් සඳහා විදුහල්පතිතුමාගේ ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ද සහතිකයෙන් යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටිය හැකි බවයි.
මේ අතර උසස් පෙළ විභාගය හේතුවෙන් රජයේ පාසල් අද සිට මේ මස 20 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.