කල් දැමුණු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට ආරම්භයි

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව,

ඉතිරි විෂයන් ජනවාරි 12 සිට ජනවාරි 20 දක්වා පැවැත්වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086ක් ක්‍රියාත්මක වන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ද සේවයේ යොදවා ඇත.

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ,

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතා ලේඛන අස්ථාන ගත වී ඇත්නම්, තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බවයි.

එසේම, පෙර කාලසටහනේ පැවති විභාග කාලයන් සංශෝධිත කාලසටහන තුළ ද වෙනස් නොවන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට සුබ පැතුම්!

පොහොට්ටුව බිඳුණේ නෑ... යළි එකතුවෙනවා - මහින්දගේ කොළඹ ගෙදරදී දාපු ඩිනර් පාටිය මෙන්න

පොහොට්ටුව බිඳුණේ නෑ... යළි එකතුවෙනවා - මහින්දගේ කොළඹ ගෙදරදී දාපු ඩිනර් පාටිය මෙන්න