තැපෑලත් අලුත් වැඩකට අතගසයි..කරන්න යන වැඩේ මෙන්න.

Sri Lanka
By Aruna Dec 04, 2022 04:38 AM GMT
Aruna

Aruna

Report

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

තැපැල්පතිවරයා සදහන් කළේ, තැපැල් දෙපාර්තමේන්තුව සමග කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස පෞද්ගලික අංශයට ආරාධනා කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ, මතුගම තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව තෝරාගත් අංශ කිහිපයකට පමණක් පෞද්ගලික අංශයේ අදාළ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join