නව චීන තානාපති වෙයි හුවාක්සියැං සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක්
By Kanchana
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාක්සියැං මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ෆ්ලවර් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී හමුවී තිබේ.
කොළඹදී සිය රාජකාරි භාරගැනීමෙන් අනතුරුව චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදුවූ පළමු නිල හමුව මෙය බව සඳහන් වේ.
මෙම අවස්ථාවට චීන නියෝජ්‍ය තානාපති ෂු යැන්වෙයි, උපදේශක මෙයි ජිං සහ තෙවන ලේකම් ජින් එන්ස් යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.