ජනපතිගෙන් පොසොන් පොහෝදා විශේෂ පණිවුඩයක්.!!
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (14) යෙදී තිබෙනවා.
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප්රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග්රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ.
මේ අතර පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
පොසොන් පුරපසලොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීත හෙළයන් අභියෝග ජයගනු ලැබුවේ, සාමුහික හා පොදු එකගතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවයි.
විමංසනය, බුද්ධිය, නම්‍යශිලි බව හා ධර්ම ගරුක බව, නිර්මාණශීලි චින්තනය සහ සොබාදහම කෙරෙහි ඇති විශ්වාසය ජන සමාජයේම පොදු යහපතට හේතු වන බව අනුබුදු මිහිදුමාහියන් පසක් කර ඇති බවයි ජනාධිපතිවරයා සිය පොසොන් දින පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.
බුදු දහමෙන් ඉගැන්වෙන්නේ ප්රත්යක්ෂ ඥානයෙන් ඇති කර ගත් අවබෝධයේ හරයයි. පසිදුරන්ගෙන් සිත මුලාවට නොතැබිය යුතුය.
සත්‍ය දැකගත හැකි වනුයේ ධර්ම ගවේශණය තුළින් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ සදහන්.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කර වදාළ ධර්මය අපි ද අවබෝධ කර ගනිමින් භව නිරෝධයත් මොලොව සුවයත් පිණිස කටයුතු කිරීමට මෙම පොසාන් මංගල්‍යයේ අදිටන් කර ගතයුත බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මිහිදු මහරහතන් වනස්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන සමාජ ආර්ථික ගැටළුව සමනය කොට සැනසුනු සමාජයක් සදහා මාර්ග සිතියමක් වන බවයි.
මෙරට තුළ ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සුත්‍රය අනුදැන වලාළමින් මිහිදු මහරහතන් වසන්සේ මෙරට රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අද වැනි දිනක සියලු දෙනා අදිටනින් යුතුව එක් විය යුත්තේ එවන් ප්‍රතිපදා ගත ධර්ම පණිවිඩයකින් ලංකා රාජ්‍යය නැවත මහා සම්මත සන්සුන් දියුණු සමාජයක් බවට පත් කිරීම සඳහා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ සදහන්.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොසොන් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ලක්වැසියන්ට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඬගස්වා ගැනීමට මන්පෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්කෘතික වශයෙන් වූ සෑම ක්ෂේත්රයකම වර්ධනයට මහින්දාගමනය පුරෝගාමී වූ බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ පොසොන් දින පණීවුඩයේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |