EPF හා ETFවල තවත් වෙනසක්.. එකම තැනකින් පාලනය කිරීමට යාන්ත්‍රණයක් හදන්න අතුරු වාර්තාවක්

Report

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල එකම තැනකින් පාලනය කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව සකස් කරන ලද අතුරු වාර්තාවක් මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අරමුදල් කමිටු තුනක් මඟින් පාලනය කිරීම ඇතුළු යෝජනා කීපයක් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර ඇති බව පවසයි.

කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්සගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මඟින් මෙම අතුරු වාර්තාව සකස්කර ඇති බව සඳහන්. අඳාළ කමිටුව කැබිනට් මණ්ඩලය මඟින් පත්කර ඇත.

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

එසේම එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ වෙනම ක්‍රියාත්මක අරමුදල් ඒකාබද්ධ කිරීම සඳහා වන සම්මුතියක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවතින බවත් මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත්තේ ඒ අනුව බවත් ය.

ඒ අනුව අතුරු වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල නිර්දේශ ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන්. 

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න