පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද සිට ඇරඹේ

Report

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නවතම නිවේදනයට අනුව, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ දෙවන අදියර අද (21) සිට ආරම්භ වෙයි. මෙය සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා වලංගුයි.

පළමු අදියර ජනවාරි 5 සිට 9 දක්වා පැවැත්වුණු අතර, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් කල්දැමුණු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා පාසල් ජනවාරි 10 සිට ඊයේ (20) දක්වා නැවත නිවාඩු ලබා දී තිබුණි.

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

අදින් ආරම්භ වන දෙවන අදියර පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට පසුව 2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් පෙබරවාරි 14 සිට මාර්තු 2 දක්වා නැවත නිවාඩු ලැබෙනවා.

කෙසේ වෙතත්, රාමසාන් උත්සවය සැමරීම සඳහා මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14 සිට මාර්තු 22 දක්වා දීර්ඝ නිවාඩු කාලයක් ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්